අභිරහස් පිපිරීමකින් අයෙක් මරුට (සංවේදී ඡායාරූප සහිතයි) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

අභිරහස් පිපිරීමකින් අයෙක් මරුට (සංවේදී ඡායාරූප සහිතයි)

වැලිමඩ - බැලුම්ගල ප්‍රදේශයේ අද (20) අලුයම හටගත් පිපිරීමකින් වෙළඳසැල් හිමියෙකු මියගොස් තිබේ. 

46 හැවිරිදි ඒ.එම් ප්‍රේමරත්න නැමැති මෙම පුද්ගලයා වෙළඳසැල තුළදීම මියගොස් ඇති අතර ඔහුගේ සිරුර මුළුමනින්ම පිලිස්සී ඇති  බව වාර්තා වේ.

අනතුරට හේතුව තවමත් සොයාගෙන නොමැති අතර පිපිරීම නිසා මියගිය තැනැත්තාගේ ත්‍රී රෝද රථය සහ වෙළඳසැලට දැඩි හානි සිදුවී තිබේ.
සිදුවීම පිළිබඳව වැලිමඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප පහතින්. 

(සංවේදී දසුන් සහිතයි)


 

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක.

No comments:

Post a Comment

Post Bottom Ad