ඓතිහාසික කච්චතිව් මංගල්‍යට සියල්ල සූදානම්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

ඓතිහාසික කච්චතිව් මංගල්‍යට සියල්ල සූදානම් 

යාපනය මුහුදු සීමාවට උතුරින් හා ඉන්දීය මුහුදු සීමාවට අතර පිහිටා ඇති කච්චතිව් දූපතේ පිහිටා ඇති ඓතිහාසික ශාන්ත අන්තෝනි දේව මංගල්‍ය එළැඹෙන 21 වැනිදා පැවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙවර කච්චතිව් ශාන්ත අන්තොනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය  වෙනුවෙන් ඉන්දියාවේ සිට කිතුනු ධීවරයින් ඇතුලු බැතිමතුන් 4000 කට අධික ප්‍රමාණයක් මෙන් ම මෙරට කිතුනු බැතිමතුන් ද එවැනිම ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවට නාවික හමුදාවෙන් විශ්වාස කරයි.

මෙවර පැවත්වෙන වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් ද සියලු පහසුකම් හා ආරක්ෂාව සැපයීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතරම අද (20) දිනය පුරා කච්චතිව් දූපතට ඉන්දියාවෙන් හා මෙරටින් බැතිමතුන් පැමිණීම සිදුවන බව ද නාවික හමුදාව පවසයි.

මේ අතර කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථාන පල්ලියේ මංගල්‍ය උත්සවය අවසන්වන තෙක් උතුරු මුහුදු සීමාවේ කච්චතිව් ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් ඉවත්වන ලෙස ද තමිල්නාඩු ධීවරයින්ට නාවික හමුදාව විසින් දැනුම් දී තිබේ.

දේව මංගල්‍ය සඳහා සභාගීවන ඉන්දීය බැතිමතුන් ජත්‍යන්තර මුහුදු සීමාව දක්වා ඉන්දීය වෙරළාක්ෂක බලකායේ ආරක්ෂාව යටතේ මෙරටට පැමිණෙන අතර මෙරට තුළ ඔවුන්ට පූර්ණ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදෙන බවට නාවික හමුදාව විසින් වැඩි දුරටත් සඳහන් කර ඇත.

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad