වෛද්‍ය සංගමෙන් රනිල්ට පිළිතුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

වෛද්‍ය සංගමෙන් රනිල්ට පිළිතුරක්

ඇහුම්කන් දීම, නම්‍යශීලීත්වය සහ නායකත්ව ගුණාංග අතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුළ දුර්වලතා පවතින බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දිනයක අගමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

වෛද්‍ය සංගමයේ කටයුතු පිළිබඳව සෙවීමට ආ රහස් පොලිස් නිළධාරීන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කළ ඉල්ලීමක් මත එම පරීක්ෂණය සිදු කරන බවට වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කළ ප්‍රකාශයක් ප්‍රතික්ෂේප කරමින් ඉකුත්දා අගමැතිවරයා කියාසිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු ජනාධිපති ‘මහින්ද රාජපක්‍ෂ මහතා පසුපස යන දේශපාලන කණ්ඩායමක්’ බවයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, පොතක තිබෙන මුද්‍රණ දෝෂයක් ගැන සොයා බැලීමට රහස් පොලිසිය යෙදවූ අතීතයක් පිළිබඳ තමා මීට පෙර අසා නැති බවත් නිකරුණේ කරදර කිරීම්වලින් ඔවුන් කිසියම් ආකාරයක තෘප්තියක් ලබන ආකාරයක් පෙනෙන බවත් එය අවාසනාවන්ත තත්වයක් බවත් කියාසිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad