සිංහයෝ බංග්ලාදේශයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

සිංහයෝ බංග්ලාදේශයට

ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (20) බංග්ලාදේශය බලා පිටත් ව යාමට නියමිතයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය පෙබරවාරි 24 වැනි දා සිට මාර්තු 06 වැනි දා දක්වා 20 - 20 තරගාවලියක් ලෙස පැවැත් වේ. එහි සමාරම්භක තරගය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දියාව අතර පෙබරවාරි 24 වැනි දා මීර්පූර් හිදී පැවැත් වේ.

ශ්‍රී ලංකාව ප්‍රථම තරගයට මුහුණ දෙන්නේ පෙබරවාරි 25 වැනි දා ය. පෙබරවාරි 28 වැනි දා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරගවදින්නේ මාර්තු 01 වැනි දා ය.

මාර්තු 04 වැනි දා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වීමට නියමිතයි. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී මෙන්ම ඉන් අනතුරු ව ඉන්දියාවේ දී පැවැත්වෙන 20 - 20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංග විසින් මෙහෙයවනු ලබන අතර, ඇන්ජලෝ මැතිව්ස් උප නායකයා ලෙස කටයුතු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad