කතක් කළ සොරකමක් CCTV කැමරාවට හසුවෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

කතක් කළ සොරකමක් CCTV කැමරාවට හසුවෙයි (VIDEO)

හැටන් නගරයේ ජංගම දුරකතන අළෙවිසැලකට පැමිණි කාන්තාවක් එම අළෙවිසැලට පැමිණි පාරිභෝගිකයෙකුගේ විදුලි බුබුළු අඩංගු බෑගයක් සොරකම් කරගෙන යන ආකාරය එම වෙළඳසැලේ CCTV කැමරාවල සටහන් වී තිබේ.

ඊයේ (19) උදෑසන 10.00ට පමණ පැමිණ ඇති මෙම කාන්තාව රු.3,000ක් වටිනා දුරකතනයක් මිලදී ගෙන එම වෙළඳසැලටම දුරකතනයක් මිලට ගැනීමට ආ තරුණයෙකුගේ විදුලි බුබුළු අඩංගු බෑගයක් මෙසේ රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. එම තරුණයා සඳහන් කරන ආකාරයට එම විදුලි බුබුළු වල වටිනාකම රු. 3,000කි.

එම අවස්ථාවේ CCTV වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad