මැකලම් වසර 30ක වාර්තාවක් බිඳ දමයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

මැකලම් වසර 30ක වාර්තාවක් බිඳ දමයි (VIDEO)

ලොව වේගවත්ම ටෙස්ට් ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් අද (20) සමත්වුණා. 

ඒ,  ඕස්ටේ‍්‍රලියාව සමග ක‍්‍රයිස්චර්ච් හිදී අද (20) ආරම්භ වූ දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදීයි.

මැකලම් මෙම තරගයේදී සිය ශතකය වාර්තා කළේ පන්දු 54කින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහර 04ක් ඇතුලත් වුණා. මැකලම් විසින් බිඳ දමනු ලැබුවේ 1986 වසරේදී කොදෙව් පිතිකරු විවියන් රිචර්ඞ්ස් පන්දු 56කින් ශතකයක් වාර්තාකර පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි. 



Brendon McCullum's fastest test century off 54 balls - Short h...
Brendon McCullum's fastest test century off 54 balls - Short highlights - NZ vs AUS 2nd test 2016
Posted by Cric Videos on Friday, February 19, 2016

No comments:

Post a Comment

Post Bottom Ad