ඇමති රාජිතගේ දැන් තත්ත්වය මෙන්න (UPDATE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

ඇමති රාජිතගේ දැන් තත්ත්වය මෙන්න (UPDATE)


අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට ගොස් ඇති බව වාර්තා වනවා. 

ඔහු මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සුදානමින් සිටින බවයි එම වාර්තාවන් මගින් සඳහන් වුණේ.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිපුණ ඒකනායක මහතා සඳහන් කළේ පරීක්ෂණයෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර ලබනවා ද නැත්ද යන්න තීරණය වන බවයි.


---------------------------------------------------------------------------------
ඇමති රාජිත රෝහල් ගත කරයි - වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසි රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඔහු හදවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බව වාර්තා වේ. ඇමැතිවරයා බැලීමට ඉඩදී ඇත්තේ ඔහුගේ පවුලේ අයට පමණි.

එමෙන්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා අමාත්‍යවරයා සිංගප්පුරු රෝහලකට රැගෙන යාමද නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad