පුළුල් දේශපාලන ජාතික බලවේගයක් ආරම්භ කිරීමේ කටයුතු ලබන සති අන්තයේ සිට ආරම්භ කිරීමට ඒකාබද්ධ පළාත් පාලන මන්ත්‍රී සංසදය තීරණය කර තිබෙනවා.
ග්‍රාමසේවා වසම් 14,400ක් ඉලක්ක කර ගනිමින් පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ රැස්වීම් ලබන 27 වැනිදා සිට පැවැත්වීමට තීරණය කර ඇති අතර එම වැඩසටහනේ පළමු හමුව ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වලින් ආරම්භ කිරීමට නියමිතයි.
ඊට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ. දිස්ත්‍රික් මට්ටමෙන් කාන්තා සමුළු ආරම්භ කිරීමට ද තීරණය වී ඇති අතර ඒවා ලබන සතියේදී පුත්තලම හා කළුතර දිස්ත්‍රික්කවලදී ආරම්භ කිරීමට නියමිතයි.
වෘත්තීය සමිති පෙරමුණක් ද මේ සමග ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය හිමිවන බවයි ඒකාබද්ධ පළාත් පාලන මන්ත්‍රී සංසදය පවසන්නේ.
Saturday, February 20, 2016
මහින්ද සමග නැගිටින්නේ 27වනදා - රට පුරා රැස්වීම
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment