මැජික් මෂ්රූම් නම් මත් ද්‍රව්‍ය තොගයක් සමග මෙරට වෛද්‍යවරයකුගේ 21 හැවිරිදි දියණියක් වලාන දූෂණ මර්දන ඒකකය මගින් පසුගියදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.
නදීෂා ජයනි නමැති මැය ඇමෙරිකාවෙන් ගෙන්වන ලද මත්ද්‍රව්‍ය මෙරට ප්‍රභූ පවුල්වල රාත්‍රී සමාජශාලාවල සැරිසරන තරුණ තරුණියන් සඳහා රුපියල් 3500ක් වැනි මිල ගණන් යටතේ විකුණා ඇති හෙළිවී තිබේ.
නදීෂා ජයනි වන මෙම තැනැත්තියගේ පියා වෛද්‍යවරයකු වන අතර ඇය කොළඹ උසස් බාලිකා පාසලක ඉගෙනුම ලබා තිබේ. ඇය අවුරුදු 16දී නිවස හැර ගොස් වෙනත් තරුණයකු සමග ජීවත් වී සිට ඇති අතර පසුව නැවත නිවසට පැමිණ ඉහත කී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයකු සමග විවාහ වී ඔහු සමගින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී තිබේ.
වලාන දූෂණ මර්ධන ඒකකය විසින් නාරාහේන්පිට පිහිටි ඇයගේ සුඛෝපභෝගී නිවාස පරික්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී ප්‍රොපොලිස් මත්ද්‍රව්‍ය කුප්පි 42ක් හා හෑන්ස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක්ද හමුවී තිබේ. මේ වන විට මෙම තරුණිය නාරාහේන්පිට පොලිසියට භාර දී ඇති අතර වැඩිදුර පරීක්ෂණ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කරනු ලබයි.
Saturday, February 20, 2016
"මැජික් මෂ්රූම්" සමග නාරාහේන්පිටදී අත්අඩංගුවට ගත් 21 හැවිරිදි රූමත් දොස්තර දියණිය
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment