පාතාලේ “පියා” ගේ මිනිය බාරගන්න කවුරුත් නෑ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

පාතාලේ “පියා” ගේ මිනිය බාරගන්න කවුරුත් නෑ (VIDEO)

බලපිටිය අධිකරණය ඉදිරිපිටදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් මියගිය කනත්ත ආරච්චිගේ පියරතන නොහොත් පාතාලේ “පියා” නැමැති අයගේ මළ සිරුර භාරගැනීමට කිසිවකු ඉදිරිපත්ව නැතැයි බලපිටිය රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

“පියා” අදාළ වෙඩි පහරින් එදිනම මිය ගිය අතර එදින (16) වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් පුද්ගලයා පසුගිය 17 වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය. මෙසේ මියගිය අනිත් පුද්ගලයා වන්නේ ඉදුරුව කයිකාවල පදිංචි අනගිපුර රසික චමින්ද කුමාර නැමැත්තාය.

“පියා” කන්තලේ යුනිට් 16 පාරේ පදිංචිව සිටි බව පැවසෙන අතර ඔහු 90 දශකයේ සිටම පාතලයට සම්බන්ධව සිටි අයෙකු බවද කියවේ. මොහු වෙඩි ප්‍රහාරයට ලක්වූයේ පාතාල ක්‍රියාකාරකමක් සම්බන්ධ නඩුවකට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේය.

No comments:

Post a Comment

Post Bottom Ad