කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන දින 100යි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන දින 100යි !

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගෙන හෙට (21) දිනට දින 100ක් සම්පූර්ණ වේ.

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දේශපාලන හේතුන් මත පැහැරගැනීමට ලක්ව පිටුවහල් කල කුමාර් ගුණරත්නම් මහතා, සිය පක්ෂයේ දේශපාලන කටයුතු වල නිරතවිම සඳහා නැවත ලංකාවට පැමිණ සිටියද අත්අඩංගුවට ගනු ලැබිය.

ලංකාවේ පුරවැසියෙක් ලෙස සිය පක්ෂයේ දේශපාලන කටයුතු වල නිරතවිමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ඔහුට ලබා දෙනු වෙනුවට ආණ්ඩුව විසින් මෙසේ දින සියයක් තිස්සේ ඔහු සිර ගත කරගෙන සිටීමට විරෝධය පළකරමින් විශේෂ විරෝධතාවයක් 21 දින උදෑසන 10.00 කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කටයුතු යොදා ඇත.

වාමාංශික දේශපාලන පක්ෂ නියෝජිතයන්, කලාකරුවන්, සිවිල් ක‍්‍රියාකාරීන් මේ අවස්ථාවට සම්බන්ධ වනබව එම පක්ෂයේ ප්‍රකාශකයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad