මාර්ගය විවෘත කිරීමට මල්වතු - අස්ගිරි දෙපාර්ශවයේ විරෝධය (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

මාර්ගය විවෘත කිරීමට මල්වතු - අස්ගිරි දෙපාර්ශවයේ විරෝධය (VIDEO)

ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් වැටී ඇති මහනුවර - මහියංගනය මාර්ගය යළි විවෘත කිරීමට මල්වතු - අස්ගිරි උභය විහාර පාර්ශවය තම විරෝධය පළ කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නා හිමියන් කියාසිටින්නේ මෙම මාර්ගය විවෘත කිරීම දළදා සමිදුන්ට කරන අගෞරවයක් බවයි.

පසුගිය යුධ සමයේදී ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් ඇති මහනුවර - මහියංගනය ඒ - 26 මාර්ගයේ කිලෝමීටරයක පමණ කොටස වසා දැමීමට කටයුතු කෙරිණි.

අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව අද (25) මහනුවරදී විශේෂ හමුවක් සංවිධානය කර තිබු අතර එහි අරමුණ මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් හඳුන්වාදෙන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමයි. මෙම විශේෂ හමුවට මල්වතු පාර්ශ්වයෙන් ද නියෝජනයක් තිබූ අතර මහනුවර සිවිල් සංවිධාන සහ සංගම් කිහිපයක නියෝජිතයින් පිරිසක් ද සහභාගී විය.

අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් ගලගම අත්ථදස්සී හිමියන් මාධ්‍ය වෙත කියාසිටියේ මෙම මාර්ගය විවෘත කිරීමට තමා ඇතුළු මල්වතු -  අස්ගිරි පාර්ශවය විරුද්ධ බවයි.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad