ලෝකෙ වටේම සුරූපිනියෝ ලංකාවෙදි සුරංගනිට මාළු ගෙනාපු හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

ලෝකෙ වටේම සුරූපිනියෝ ලංකාවෙදි සුරංගනිට මාළු ගෙනාපු හැටි (VIDEO)

ප්‍රධාන පෙළේ රූ රැජිණ තරගයක්‌ වන මිස්‌ ටුවරිසම් ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් - 2016 වැඩසටහන සඳහා සහභාගී වන  තරුණ කාන්තාවෝ 20 දෙනෙක්‌ පමණ පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියා.
 

2016 පෙබරවාරි 08 වන දින කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ කෙරුණු මෙම වැඩසටහන රූපලාවන්‍ය හා මෝස්‌තර නිර්මාණ ශිල්පය යන තේමා වලින් ඔබ්බට ගිය සුවිශේෂී සහ පුළුල් වූ සංකල්පයක්‌ පදනම් කරගෙන සංවිධානය කෙරුණා.  

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ආකර්ෂණයක්‌ දිනාගත් සංචාරක ගමනාන්තයක්‌ ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් විශේෂයෙන් සැලසුම් කර ඇති මෙය අප රටට ආවේණික වූ සුන්දරත්වය හා විශේෂත්වය ලොවට මැනවින් විදහා දක්‌වනු ඇති බවයි සංවිධායකයින් පැවසුවේ. 

නෙදර්ලන්තය, මලයාසියාව, පිලිපීනය, ඔස්‌ටේ්‍රලියාව, සිංගප්පූරුව, ඇමරිකා එක්‌සත් ජනපදය, ඉතාලිය, බෙල්ජියම, රුසියාව, පෝලන්තය, තායිලන්තය, චීනය, ඉන්දියාව, ඩෙන්මාර්කය, එක්‌සත් රාජධානිය, ලිතුවේනියාව, ස්‌වීඩනය, ලක්‌සම්බර්ග් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුණ කාන්තාවෝ 20 දෙනෙක්‌ පමණ මෙම වැඩසටහනට සහභාගී වුණා.

මෙරට ගත කරන සති දෙක තුළ රට වටා සංචාරය කරමින් ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යය, උරුමය, සංස්‌කෘතිය හා ජන ජීවිතය අත්දකින අතරම රටේ සංස්‌කෘතියෙහි හා සමාජයේ වර්ණවත් බව පිළිබිඹු කෙරෙන විවිධ ක්‍රියාකාරකම්වලට සහභාගී වීමටද ඔවුන්ට අවස්‌ථාව හිමි වුණා.

මෙම රූමත් කාන්තාවන් විසින් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශිකයින් අතරත් වඩාත් ජනප්‍රිය ගීතයක් වන 'සුරංගනී' ගීතය සාමූහිකව ගායනය කරනු ලැබුවා. එම අවස්ථාව වඩාත් ආකර්ෂණීය වී තිබූ බවයි පැවසෙන්නේ.


 




(එම ගීතය ගායනා කළ ආකාරය පහතින් නරඹන්න)
 

No comments:

Post a Comment

Post Bottom Ad