තවත් හොර අලි පැටව් 10ක් අල්ලන්න සැළසුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

තවත් හොර අලි පැටව් 10ක් අල්ලන්න සැළසුම්

තවත් හොර අලි පැටව් 10ක් අල්ලන්න සැළසුම්
නීතී විරෝධී ආකාරයෙන් බලපත‍්‍ර නොමැතිව රඳවාගෙන සිටින අලි පැටවුන් 10 දෙනෙකු පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

එම අලි පැටවුන් 10 දෙනා තම භාරයට ගැනීමට සූදානම් වන බවයි එම දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කැලයෙන් හොරෙන් අල්ලා ගෙන ව්‍යාජ බලපත‍්‍ර සාදා රඳවාගෙන සිටි බව පැවසෙන අලි පැටව් දෙදෙනෙක් පසුගිය සතියේ දී අත්අඩංගුවට ගත් අතර දෙපාර්තමේන්තුව සතු අලි ප්‍රවාහන ලොරිය කාර්මික දෝෂයකට ලක් වීම නිසා අලි මෙහෙයුම් කටයුතු මේ වන විට කල් දැමීමට සිදුව ඇති බවයි වනජීවී අධ්‍යකෂක ජනරාල් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසා ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad