සම්පත් බැංකුවේ ශුද්ධ ලාභය ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

සම්පත් බැංකුවේ ශුද්ධ ලාභය ඉහළට

වසර 2015 දෙසැම්බර් කාර්තුව තුළ පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී සිය ශුද්ධ ලාභය 15%කින් රු. බිලියන 1.5 දක්වා වැඩිවී ඇතැයි සම්පත් බැංකුව පවසයි.

එම කාර්තුව තුළ සම්පත් බැංකුවේ පොලී ආදායම 14%කින් රු. බිලියන 10.7 දක්වා ද පොලී වියදම 19%කින් රු. බිලියන 6කට ආසන්න අගයක් දක්වා ද වැඩිවී ඇති බව පැවසේ. ඒ අනුව ශුද්ධ පොලී ආදායම 8.8%කින් රු. බිලියන 4.7 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

තවද, මෙම කාර්තුව තුළදී ලබා දී ඇති ණය 25% ආසන්න අගයකින් රු. බිලියන 386 දක්වා ඉහළ ගොස් ඇති අතර තැන්පතු ද 20%කින් රු.බිලියන 407 දක්වා ඉහළ ගොස් තිබේ.

(ඉකොනොමි නෙක්ස්ට්)

No comments:

Post a Comment

Post Bottom Ad