හිරගෙදරින් ඇසුණු 'කවි බණ' ඉහළ අණින් නවතී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

හිරගෙදරින් ඇසුණු 'කවි බණ' ඉහළ අණින් නවතී

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ අද (22) සිදු කෙරුණු පොහොය දින වැඩසටහන අතරමග නතර කර තිබෙනවා.

බන්ධනාගාර ආරංචි පවසන්නේ රාවණා බලය කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කාව්‍යමය ධර්ම දේශනාවක් පවත්වමින් සිටියදී පාලනාධිකාරිය විසින් එය නතර කර ඇති බවයි. ඊට පසුව යොදා තිබුණු භාවනා වැඩසටහන් සහ ධර්ම දේශනා ද අවලංගු කර තිබෙනවා. 


අද අලුයම වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින රැඳවූවන් අෂ්ඨාංගශීලය සමාදන් කරවීමෙන් මෙම පොහොය දින වැඩසටහන ආරම්භ කෙරුණා. ඔවුන් සිල් පවාරනය කරවීම වෙනත් භික්ෂූන් වහන්සේ නමක් ලවා සිදුකරවීමට පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad