ලොව ලාබම 'ස්මාර්ට් දුරකතනයේ' හොර වැඩේ මාට්ටු (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

ලොව ලාබම 'ස්මාර්ට් දුරකතනයේ' හොර වැඩේ මාට්ටු (PHOTOS)

ලොව ලාබම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට නිකුත් කිරීමට ඉන්දීය සමාගමක් පසුගියදා කටයුතු කළා. ෆ්‍රීඩම් 251නම් වන එම ජංගම දුරකතනය ඉන්දීය රුපියල් 251ක  මිලකට අලෙවි කිරීමටයි රිගින්ග් බෙල්ස් සමාගම කටයුතු කළේ.

කෙසේ නමුත් මේ දුරකථනය චීනයේ නිෂ්පාදිත එකක් බවත් නියම නිෂ්පාදකයාගේ නම වසා වෙනත් නමකින් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
 

වෙළඳපොළට නිකුත් කළ ෆ්‍රීඩම් 251 දුරකථනයක නම වැසූ කොටස ගැලවී යාමෙන් මෙය අනාවරණය වූ බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙය චීනයේ ADCOM ආයතනයේ දුරකථනයක් බව හෙළිවී තිබෙනවා.

මෙහි විමතියට පත් කරුණ වන්නේ මෙම දුරකථනය චීනයේ අලෙවි වන වටිනාකමට අඩුවෙන් ඉන්දියාවේ විකිණීමයි. මේ සම්බන්ධයෙන් චීන සමාගම නීතිමය පියවර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.





No comments:

Post a Comment

Post Bottom Ad