සැමියා මාව කෙට්ටු කළා – නර්මදා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

සැමියා මාව කෙට්ටු කළා – නර්මදා (PHOTOS)

නිවේදිකාවක්, මෝස්තර නිරූපිකාවක්, රූ රැජිණක්, වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක්, ලෙස කාලෙන් කාලෙට ක්ෂේත්‍රය තුළ රැඳී සිටින නර්මදා යාපා අබේවර්ධන අද වෙනකොට බිරිඳක් වගේම එක් දරු මවක්.

ඇය සිය ස්වාමි පුරුෂයා සහ ඔහුගෙන් ලැබෙන සහයෝගය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. දරු ප්‍රසූතියෙන් පසු ඇයගේ සිරුර පෙර තිබුණාටත් වඩා දෙතුන් ගුණයකින් තරබාරු වෙලා කියලා තමයි ආරංචි උනේ.. 

කෙසේ නමුත්, ඈ තරබාරු වනවාට නම් ඇගේ සැමියා ජනක එතරම් කැමැත්තක් නැතිලු… දරුවාගේ වැඩ කටයුතු කරන අතර තුර දී තමන්ගේ සිරුර ගැනත් හිතන්න කියලා ජනක පහුගිය කාලේ නර්මදාට උපදෙස් දීලා තිබුණා.

මාධ්‍ය වෙත අදහස් දක්වන නර්මදා,

නැවත ක්ෂේත්‍රයට එන්න නම් පෙනුම ගැනත් හිතන්න වෙයි නේද?
”ලොකුවට හිතන්න වෙන එකක් නැහැ…. බාහිර වශයෙන් මම හිතලම වෙනස්. බබා ලැබෙන්න ඉන්න කොට මගේ බර කිලෝ 27 ක් වැඩි වුණා. වෙනස්ම විදිහට තමයි, මම නැවත ක්ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්නේ.

සැමියාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?

”ජනක මගේ පෙර පිනකට ලැබුණු සැමියෙක්. මම ගොඩක්. වෙලාවට ආදිත්‍යගේ වැඩ කරලා මහන්සි වුණත්, මගේ සිරුර ගැන උනන්දුවෙලා ව්‍යායායාම්වල නිරත වෙන්න කියලා ජනක නිතරම මට උපදෙස් දෙනවා. 


දැන් මගේ සිරුර හැඩට පවත්වාගෙන යන්න මටත් වඩා මගේ සැමියා උනන්දු වෙනවා. ඇය සිය සැමියා සමගින් ගන්නා ලද ඡායාරූප කිහිපයක් පහතින්,

Narmada (1) Narmada (2) Narmada (3) Narmada (4) Narmada (5) Narmada (6) Narmada (7) Narmada (8) Narmada (9)

No comments:

Post a Comment

Post Bottom Ad