උතුරේ හර්තාල් - ජන ජීවිතය අඩාලයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

උතුරේ හර්තාල් - ජන ජීවිතය අඩාලයි (PHOTOS)

පසුගියදා වව්නියාව උක්කුලාන්කුලම් ප්‍රදේශයේදී මියගිය 13 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය හේතුවෙන් අද (24) උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කොට තිබේ.

උතුරේ සෑම දිස්ත්‍රික්කයකම වෙළඳ සංගම් සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් සියලුම වෙලඳසැල් වසා හර්තාල් ව්‍යාපාරය පැවත් වූ අතර එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු ද මුළුමනින්ම අඩපණ වී තිබුණි.

හර්තාල් ව්‍යාපාරය දියත් කළ වෙළඳ සංගම් හා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියාසිටින්නේ මියගිය 13 හැවිරිදි කංගාධරන් ක්‍රිෂ්ණවී නැමති සිසුවියගේ මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත් අදාළ මරණය ඝාතනයක් හේතුවෙන් එහි ඝාතකයන් වහාම අත්අඩංගුවට ගතයුතු බවත් ය.

ඔවුන් කියාසිටින්නේ මේ වන තුරුත් කිසිවෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් මෙසේ හර්තාලය දියත් කළ බවයි.

ඡායාරූප පහතින්...










 
රොමේෂ් මධුෂංඛ - වන්නි

No comments:

Post a Comment

Post Bottom Ad