මන්නාරමේ සමූහ මිනී වල ආසන්නයේ තවත් මිනී වලක් ගැන සැකයක් -අධිකරණ නියෝගයෙන් කැනීම් අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

මන්නාරමේ සමූහ මිනී වල ආසන්නයේ තවත් මිනී වලක් ගැන සැකයක් -අධිකරණ නියෝගයෙන් කැනීම් අරඹයි

මන්නාරම තිරුකීතීස්වරන් පළාතෙන් මීට වසර හතරකට පෙර හමුවුණු සමූහ මිනීවලට ආසන්නයේ පිහිටි පාලු ළිදක් තුළ තවත් මිනිස් ඇටසැකිළි තිබිය හැකි බවට මන්නාරම් ප්‍රදේශවාසීන් විසින් අධිකරණයේ ගොණු කළ නඩුවකට අනුව එම ළිද තුළ කැණීම් කටයුතුද ‍පසුගිය 19 වැනි දා ආරම්භ කිරීමට මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා නියෝග කොට ඇත.

මේ අනුව අධිකරණ නිලධාරීන් සහ පොලීසිය එම ළිද තුළ කැණීම් කටයුතු ආරම්භ කළත් ළිද ජලයෙන් යට වන්නට පටන් ගැනීම හේතුවෙන් ළිදේ පතුල දක්වා කැණීම් කටයුතු කිරීමට නොහැකි වූ බව මන්නාරම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වී.රාජකුලේන්ද්රන් පැවසීය.

මෙම තත්ත්වය අධිකරණය වෙත දැණුම්දීමෙන් පසුව අදාල ස්ථානයට පැමිණි මන්නාරම් මහෙස්ත්‍රාත්වරයා එම ස්ථානය පරික්ෂා කොට ළිද අවට වෙනත් තැනක වළක් හාරා ළිදේ ජලය එම වළට යාමට සලස්වා ලබන අප්‍රේල්  මස 04වැනිදා සිට යළිත් කැණීම් කටයුතු ආරම්භ කරන මෙන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බවද නීතිඥවරයා කියා සිටියේය.

මීට අමතරව මන්නාරම තිරුකේතීස්වරන් සමූහ මිනීවළෙන් මිනිස් ඇට සැකිළි අනූහයක් හමු වී ඇති අතර එම ඇටසැකිලි තවමත් අනුරාධපුර ශීක්ෂණ රෝහලේ තැන්පත් කොට ඇත්තේ එම ඇටසැකිළි සම්බන්ධයෙන් ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සිදු කරණ තුරුයි.

වන්නි රොමේෂ් මධුසංඛ

No comments:

Post a Comment

Post Bottom Ad