"මම කැමතියි" - සනි ලියොන්ට සුපිරි නළුවෙක්ගෙන් පණිවිඩයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

"මම කැමතියි" - සනි ලියොන්ට සුපිරි නළුවෙක්ගෙන් පණිවිඩයක්

‘පරිපූර්ණ මහත්මයා’ හෙවත් Mr. Perfectionist යනුවෙන් තමයි සුපිරි නළු අමීර් ඛාන් ව බොලිවුඩ්පුරයේ මාධ්‍යවේදින් විසින් හඳුන්වනු ලබන්නේ. එවැනි පරිපූර්ණ මිනිසකු බොහෝ දෙනකුගේ ගර්හාවට ලක්වූ නිළියකගේ වටිනාකම දැක තිබෙන හැඩයි. 

මේ ප්‍රවීණ නළුවාගේ අවධානයට ලක්වූ ‘ගර්හිත’ යැයි කියූ නිළිය තමයි, සනි ලියොන්. අසභ්‍ය සිනමාපටවලින් බොලිවුඩයට එක්වූ ඇය වෙත මෑතකදී ට්විටර් පණිවුඩයක් යැවූ අමීර් පැවසුවේ ඇය සමඟ චිත්‍රපටවල වැඩ කරන්නට තමන් කැමැති බවයි. ඔහු එලෙස පවසා ඇත්තේ යම්කිසි සැලකිය යුතු සිනමා නිර්මාණයක් සඳහා සනිගේ දායකත්වය ලබා ගැනීමට බවයි සමහරු පවසන්නේ.

පසුගිය දා සනි, දිල්ලි නුවරට පැමිණියේ එක්තරා චිත්‍රපටයක ප්‍රචාරක කටයුත්තකට එක්වෙන්නටයි. මේ බව දැනගත් අමීර්, ඇයටත් ඇගේ සැමියා වන ඩැනියල් වෙබර්ටත් දිවා භෝජන සංග්‍රහයකට ඇරයුම් කළා. මේ දිවා භෝජනය දිවා කාලයෙන්ම අවසන් වුණේ නැහැ.

එය එදින සවස තේ පානය තෙක්ම ඇදී ගියා. විශේෂයෙන්ම අමීර්, සනි සමඟ චිත්‍රපටයක රඟපාන්නට ඇති හැකියාව ගැන දීර්ඝ ලෙස කතා කළා. ඔහු ඇගෙන් ඉල්ලා සිටියේ තමන් රඟන ‘ඩන්ගාල්’ චිත්‍රපටයේ රූගත කිරිම් සිදු කෙරෙන තැන්වලට පැමිණෙන ලෙසයි.

ඒ ඇරයුමින් පසුව අමීර් නැවතත් සනිට කීවේ ඇය සමඟ චිත්‍රපටයක රගපාන්නට තමන් කැමැත්තෙන් සිටින බවයි. අමීර්ගේ ඇරයුම සතුටින් පිළිගත් සනි, තම සැමියා සහ අමීර් සමඟ ‘සෙල්ෆී’ ඡායාරූපයක් ද ගත්තා. ඇය අමීර්ගෙන් සමුගත්තේ ඔහුව උණුසුම් අයුරින් වැලඳගෙනයි!

No comments:

Post a Comment

Post Bottom Ad