ඇමති රාජිත රෝහලේදී චතුරගේ උපන්දිනය සමරයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

ඇමති රාජිත රෝහලේදී චතුරගේ උපන්දිනය සමරයි (PHOTOS)

ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුලේ සමාජිකයින්,  හිතවතුන් සමග සිය පුත් චතුරගේ උපන්දිනය සිංගප්පූරුවේ සිට සැමරූ බව වාර්තා වේ. 

වෙනවිට ආමාත්‍යවරයා විවේකී සුවයෙන් පසුවන බව පවුලේ සාමාජිකයින් පවසයි.  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (20) සවස විශේෂ පරීක්ෂණයකට භාජනය කර ඇතැයි ඔහුගේ සමීපතමයෝ පවසති.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා පැවසුවේ ඇමතිවරයාගේ තත්ත්වය අසාධ්‍ය බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැති බවයි. ඇමතිවරයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් කිසිදු ගැටළුවක් නැතිව සිටින බව ද ඔහු පැවසී ය.


No comments:

Post a Comment

Post Bottom Ad