බිරිඳ සමග දිය නෑමට ගිය වෛද්‍යවරයාට පහරදී මුදල් කොල්ලකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

බිරිඳ සමග දිය නෑමට ගිය වෛද්‍යවරයාට පහරදී මුදල් කොල්ලකයි

කලාවැව බලලුවැවේ දිය නෑමට ගිය මරදංකඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකුට පහර දී මුදල් හා බිරියගේ රන් මාලය කොල්ල කෑ බවට සැකපිට යුද හමුදා සෙබළෙක් හා තවත් පුද්ගලයෙකු කැකිරාව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, වෛද්‍යවරයාගේ නාසයද තුවාල වී ඇති බවත්, ඔහු මරදංකඩවල රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය පැවසී ය.

වැව් ඉස්මත්තේ නවතා තිබූ තම මෝටර් රථය අසළ සැකකටයුතු ලෙස ත්‍රිරෝද රථයක් නවතා තිබෙනු අදාළ වෛද්‍යවරයා විසින් දැක ඇති බව වාර්තා වේ.

එහිදී මෝටර් රථය දෙසට ඔහු ගමන් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයෙකු විසින් වෛද්‍යවරයාට පහරදී තිබේ.
මෝටර් රථය තුළ තිබූ මුදල් සහ  බිරිඳගේ රන් මාලයක්ද අදාළ පිරිස විසින් කොල්ලකා ඇති බව වෛද්‍යවරයා පොලීසියට ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad