හිටපු ඇමති ජගත්ගේ ගෙදර ගින්නක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

හිටපු ඇමති ජගත්ගේ ගෙදර ගින්නක්

හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාට අයත් බව කියන කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිවසක අද (21) ගින්නක් හටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී පැවසුවේ එම නිවසේ ආරක්ෂක නිලධාරීන් සිටින කාමරයේ ගින්න හටගෙන ඇති බවයි.

ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මේවන විට මැඩපවත්වා ඇති බවත් මේ හේතුවෙන් කිසිවෙකුට හානි සිදුවී නොමැති බවත් පොලීසිය පැවසී ය.
ගින්නට හේතුව කුමක්දැයි අනාවරණය වී නැති අතර පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad