ශ්‍රී පාද වන්දනාවේ ගිය බස්රථ දෙකක් මුහුණට මුහුණලා ගැටෙයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස්රථ දෙකක් මුහුණට මුහුණලා ගැටෙයි 

කොළඹ සිට නල්ලතන්නිය දක්වා ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ නල්ලතන්නියේ සිට ශ්‍රී  පාදයේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගෙන අවිස්සාවේල්ල දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් බස් රථ දෙකෙහිම රියදුරන් දෙදෙනා ඇතුලූ තවත් එක් අයෙක් තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් තර තිබේ. 

ඊයේ (20) පස්වරු 6.00 ට පමණ මෙම අනතුර සිදුවුණේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටැඩන් ප්‍රදේශයේදිය. 

කොළඹ දෙසින් නල්ලතන්නිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ‍ දිශාවෙන් ධාවනය කිරිම නිසා ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසී ය. 

හැටන් රංජිත් රාජපක්‍ෂ

No comments:

Post a Comment

Post Bottom Ad