“එට්කා”ට කළින්ම ඉන්දියාවෙන් ත්‍රීරෝද රියදුරෝ ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

“එට්කා”ට කළින්ම ඉන්දියාවෙන් ත්‍රීරෝද රියදුරෝ ඇවිත්

සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින ඇතැම් ඉන්දියානු ජාතිකයින් නීතිවිරෝධී ලෙස ත්‍රීරෝද රථ හා කුලී රථ සේවාවන් පවත්වාගෙන යන බව සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කියයි.

ඉන්දියාවෙන් ආ ත්‍රීරෝද රියදුරෝ වැඩි වශයෙන් සිටින්නේ දෙමළ බස කතා කරන අය සිටින කොළඹ හා යාපනය ප්‍රදේශයේ බව ද පැවසේ. කෙසේවුවද ඔවුන් වෙනත් ප්‍රදේශවලටද සංක්‍රමනය වන බව සුනිල් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටින්නේ මෙසේ ඉන්දියාවෙන් පැමිණ ත්‍රීරෝද පදවන රියදුරන් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් නැති බවයි. එසේවුවද ඉන්දියන් ජාතිකයන් සංචාරක වීසා මත පැමිණ නීති විරෝධී ලෙස විවිධ වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් නම් පොලිසිය දැනුවත් බව ඒ මහතා කියා සිටී.

එට්කාට පෙර ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම

පසුගිය අවුරුදු 14ක කාලය තුළ ක්‍රියාත්මක වූ ඉන්දු - ලංකා ගිවිසුමක් හරහා ලංකාවේ අපනයන ආදායම මෙන් 886% ක භාණ්ඩ ඉන්දියාවෙන් ගෙන්වා ඇතැයි මේ අතර වාර්තා වේ. ඉන් ලංකාවට සිදුව ඇති වෙළෙඳ අලාභය ඩොලර් මිලියන 5,5944ක් බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad