නාවික හමුදා කඳවුර ඉවත් කර සාම්පූර් බලාගාරය ඉදිකිරීමට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

නාවික හමුදා කඳවුර ඉවත් කර සාම්පූර් බලාගාරය ඉදිකිරීමට සූදානම්

විවිධ විරෝධතා එල්ල වුවද ඒවා නොතකා සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇති අතර ඒ සඳහා සාම්පූර් නාවික හමුදා කඳවුර ඉන් ඉවත් කිරීමට ද නියමිතය.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම ඉන්දියාව විසින් සිදුකරන අතර මේ සඳහා මේ වනවිට පරිසර වාර්තාවක්‌ද ලබාගෙන ඇත. මෙගාවොට්‌ 500 ක ධාරිතාවයෙන් යුතු අදාළ බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය වන නිසා සාම්පූර් නාවික හමුදා කඳවුර සාම්පූර් ප්‍රදේශයෙන් ඈතට ගෙන යාමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

බලාගාරය ඉදිකිරිම සම්බන්ධව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා එහි නිරීක්‍ෂණ චාරිකාවකද නිරතවී තිබේ. කෙසේ වෙතත් සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සම්බන්ධව නිශ්චිත දිනයක්‌ තවම තීරණය කර නැතැයිද එම ආරංචි මාර්ග වැඩිදුටත් පැවසීය.

බලාගාරය ඉදිකිරීමට අක්‌කර 500 ක භූමි ප්‍රදේශයක්‌ වෙන්කර ඇත. ව්‍යාපෘතියේ ඇස්‌තමේන්තු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 600 ක්‌ වන බවටද හඳුනාගෙන තිබේ.

(දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad