ඌවට මත් කුඩු බෙදූ මහ මොලකරු දැලේ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

ඌවට මත් කුඩු බෙදූ මහ මොලකරු දැලේ (PHOTOS)

ඌව පළාතේ ප්‍රධාන නගර කිහිපයකට හෙරෝයින් මත්කුඩු ඊසි කෑස් ක්‍රමයට විකිණූ තැනැත්තෙකු මත් කුඩුත් සමඟ අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාශ විශේෂ විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකය සමත් වී තිබේ.

තණමල්විල දෙව්රම් වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ප්‍රධාන බෙදාහැරීම් නියෝජිතයෙකු බවත් මීට පෙර ද ගංජා අලෙවි කිරීමේ  නිරත වී සිටිය දි අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප ලබා සිටින අයෙක් බවත් පොලිසිය සඳහන් කරයි.

මොණරාගල, බුත්තල, තිස්සමහාරාමය, වැල්ලවාය, කතරගම, ඇල්ල යන ඌව පළාතේ ප්‍රධාන නගරයන්හි මොහු මත් කුඩු බෙදා හැරිම සිදුකරන බවත් ඒ සඳහා මෙම ජාවාරම්කරුට කොළඹ  ප්‍රදේශයෙන් මත් කුඩු ලැබෙන බවත් පොලීසිය කරන ලද විමර්ශන වලින් හෙළිවී තිබේ.
ඒ සම්බන්දව වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වන බව වාර්තා වේ.

ඡායාරූප පහතින්...




No comments:

Post a Comment

Post Bottom Ad