වැලිකතරේදී සංගක්කාරට වරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

වැලිකතරේදී සංගක්කාරට වරදී

සංගක්කාර නියෝජනය කළ කුයිටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් මෙවර පාකිස්තානු සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මිස්බා උල් හක්ගේ  ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් කුයිටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 174ක් රැස් කළා. කුමාර් සංගක්කාර පන්දු 32කදී හයේ පහර දෙකක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 55ක්.

ලකුණු 175ක ජයග‍්‍රාහී ඉලක්කය හඹාගිය ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලූ 4ක් දැවී ජයග‍්‍රාහී සීමාව පසුකර ගියා. පන්දු 51කදී ලකුණු 73ක් රැස් කළ ඞ්වේයින් ස්මිත් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. තරගය පැවැත්වුණේ ඩුබායි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදියි.

No comments:

Post a Comment

Post Bottom Ad