පින්කැට කැඩිල්ල ජයටම කළ තාත්තගෙයි පුංචි පුතාගෙයි කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

පින්කැට කැඩිල්ල ජයටම කළ තාත්තගෙයි පුංචි පුතාගෙයි කතාව

තම 15 හැවිරිදි දරුවාද සමග කෝවිලක පින් කැට 4ක් කැඩූ පියකු පිළිබඳව තලවාකැලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තලවාකැලේ, වටගොඩවත්තේ ඉහළ කොටසෙහි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පින් කැට මෙසේ කඩා තිබුණු බවයි තලවාකැලේ පොලිසිය සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් 15 හැවිරිදි දරුවා සහ 20 හැවිරිදි තරුණයකු රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර දරුවාගේ පියා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

තලවාකැලේ නගරයේ ඇතැම් වෙළෙඳසල්වලට සිල්ලර කාසි ගෙනැවිත් මාරු කරගෙන යන පිරිසක් ගැන තලවාකැලේ පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත කරන ලද පරීක්‍ෂණවලින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad