රැකියා නැති සියලු උපාධිධාරීන්ට මාසික දීමනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

රැකියා නැති සියලු උපාධිධාරීන්ට මාසික දීමනාවක්

රැකියා විරහිත සියලු උපාධිධාරීන්ට වැටුප් ගෙවීමේ පදනම මත පෞද්ගලික අංශයේ රැකියා ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

රජය මෙම තීරණය ගෙන තිබෙන්නේ රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු අනුව සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදිය නොහැකි බැවිනි.
ඒ සඳහා පෞද්ගලික අංශයේ ආයතන ප‍්‍රධානීන් සමග ඉදිරියේදී විශේෂ සාකච්ඡා පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර පෞද්ගලික අංශයට අනුයුක්ත කරන උපාධිධාරින් අතරින් 25දෙනෙකු බැගින් ජාතික මාධ්‍ය ආයතනවලට සම්බන්ධ කිරීමට ද රජය සැලසුම් කර තිබේ.

පෞද්ගලික අංශයේ රැකියා සඳහා අනුයුක්ත කරන සෑම උපාධිධාරියෙකුටම අවම වශයෙන් රුපියල් 25,000ක මාසික දීමනාවක් ගෙවන බවත් එය වසර 04ක් යනතුරු ගෙවීමට සැලසුම් කර ඇති බවත් සඳහන් වේ.

එම වසර 04 අවසන් වීමෙන් අනතුරුව පෞද්ගලික අංශයෙන් ඉවත්ව රාජ්‍ය සේවයට එක්වීමට කැමති උපාධිධාරියෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන බවත් එසේ නොමැති නම් පෞද්ගලික අංශයේම ඔවුන්ට රැකියාව සිදුකර ගෙන යෑමට රජය අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad