තවත් බැලුනයකට ගූගල් සුදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

තවත් බැලුනයකට ගූගල් සුදානම්

තවත් ගූගල් බැලූනයක් ගුවන් ගත කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම් මහතා සඳහන් කරයි.

තවත් බැලූන කිහිපයක් ගූගල් සමාගම මගින් මේ වනවිටත්  ශ්‍රී ලංකාව වෙත යොමු කර ඇති බව ඔහු පවසයි. මේ අතර ශ්‍රී ලංකාවට අධීවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා අත්හදාබැලීමට ස්ථාපිත කෙරුණු ගූගල් බැලූනයක් ගම්පොළ ප්‍රදේශයට කඩා වැටුණි.

කෙසේ වුව ද අදාළ ගූගල් බැලුනය සාර්ථක ව ගොඩබැස් වූ බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම බැලූනය කඩාවැටීමක් සිදුව නොමැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad