මහ බැංකු අධිපති අද කෝප් කමිටුවට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

මහ බැංකු අධිපති අද කෝප් කමිටුවට කැඳවයි

මහත් ආන්දෝලනයකට ලක්වූ බැඳුම්කර සිද්ධියට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු නිලධාරීන් අද (25) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වෙයි. 

බැඳුම්කර නිකුත් කිරීමට අදාළව කෝප් කමිටුව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඊට අදාළව කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් අද පාර්ලිමේන්තුවට කැඳවා තිබෙන බව එම කමිටුවේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේය.

මීට පෙර අවස්ථාවකද බැඳුම් කර සිද්ධියට අදාළව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.
මීට අමතරව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඊයේ (24) කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ලබන 26 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පෙරේදා (23) කෝප් කමිටුව හමුවට කැඳවා එහි කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad