ඒකාබද්ධ විපක්ෂය විරෝධතා නවත්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

ඒකාබද්ධ විපක්ෂය විරෝධතා නවත්වයි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමඟ ඒකාබද්ධ විපක්ෂය පසුගිය දා කළ සාකච්ඡාවේ දී  තම ඉල්ලීම්වලට විසඳුම් ලැබුණු බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අඛණ්ඩව පැවැත්වීමට සැළසුම් කර තිබූ විරෝධතා නවතා දැමීමට තීරණය කළ බවත් වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ (24) ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස පිළිගැනීම හැර අන් සියලු ඉල්ලීම්වලට රජය එකඟ වූ බව ද විපක්ෂයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමේ පක්ෂ නායකයන්ට ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශ සිදුකිරීමට එකඟතාව ලබාදුන් බව ද නානායක්කාර මහතා පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව, ගිණුම් කාරක සභාව, පෙත්සම් කාරක සභාව, යන කාරක සභාවලට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සාමාජිකයන් ලෙස පත්කිරීම, විවාදවල දී සාධාරණ කාලයක් ලබාදීම, සභාව කල් තැබිමේ විවාද සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම, වැනි ඉල්ලීම් ගණනාවකට එකඟ වූ හෙයින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විරෝධතා දැක්වීම අතහැර දැමූ බව ද නානායක්කාර මහතා පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad