ප්‍රංශ කොටි නායකයාට පැරීසියේ දී වෙඩි තබයි - මෙරට හමුදාවට චෝදනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

ප්‍රංශ කොටි නායකයාට පැරීසියේ දී වෙඩි තබයි - මෙරට හමුදාවට චෝදනා

ප්‍රංශ කොටි ජාලයේ නායකයා ලෙස කටයුතු කළා යැයි කියන තනිඅරසු පර්මලිංගම් නමැත්තා ප්‍රංශයේ පැරිස් අගනුවර දී වෙඩි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

"ප්‍රංශ ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව" නමැති සංවිධානය මෙහෙයවන්නාවන පර්මලිංගම් පසුගිය වසරේ ඉසිප්‍රියා නමැති ශ්‍රී ලංකා විරෝධී චිත්‍රපටය තිරගත කිරීම සඳහා ද්‍රවිඩ ජනතාවගෙන් අති විශාල මුදලක්‌ එකතු කර තිබෙන අතර ප්‍රංශයේ පැරිස්‌ නුවර අරමුදල් එකතු කිරීම භාරව සිටියේ ද පර්මලිංගම් බව පැවසේ.

මෙම වෙඩි තැබීම පසුපස ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සිටින බවට විවිධ පිරිස් චෝදනා නගා ඇතත් මෙරට ආරක්ෂක බලධාරීන් එය ප්‍රතික්ෂේප කොට තිබේ. මෙයට පෙර ද ඔහුට පිහියකින් ඇන කිසියම් පිරිසක් පළා ගොස්‌ තිබුණු අතර ඔහු එරට මාෆියා කල්ලි සමඟ දැඩි සබඳකම් පැවැත්වූවෙකු බව පැවසේ. මෙයට පෙර පැරිස්‌ කොටි නායකයකු වූ පරිති ද මාෆියා කල්ලි ප්‍රහාරයකින් මරුමුවට පත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad