සල්ලි නොදී බඩු ගත්තාට ජොන්ස්ටන්ට නඩු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

සල්ලි නොදී බඩු ගත්තාට ජොන්ස්ටන්ට නඩු

වෙළඳ ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය හමුවේ ඊයේ (22) නඩු පැවැරිණි.

ඒ කුරුණෑගල ප‍්‍රදේශයේ ලංකා සතොස වෙළඳ සල්වලින් මුදල් නොගෙවා භාණ්ඩ ලබා ගෙන රජයට රුපියල් ලකෂ 52 කට අධික පාඩුවක් කළ බවට චෝදනා යටතේ ය.

ඔහුගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදින් මොහොමඩ් සාකීර් මහතා සහ ලංකා සතොස හිටපු සභාපති කේ.එම්.ආර්. ප‍්‍රනාන්දු මහතා ද 2013 සැප්තැම්බර් මාසයේ පැවති මැතිවරණ සමයේ මුදල් නොගෙවා රුපියල් 5,275,000ක භාණ්ඩ ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණය කරන ලදැයි නීතිපති මේ නඩුව පැවැරීය.

No comments:

Post a Comment

Post Bottom Ad