දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට අස්ගිරි පාර්ශවයේ විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට අස්ගිරි පාර්ශවයේ විරෝධය

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම කිසිසේත් සුදුසු ක‍්‍රියාවක් නොවන බව අස්ගිරි මහාවිහාර පාර්ශවය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ සිය ස්ථාවරය මීට පෙර ද රජයට දැනුම් දුන් බවත් ඊට පෙර සිටම විරුද්ධ වීම නිසා අස්ගිරි පාර්ශවයට සමහරුන් විවිධ චෝදනා එල්ල කරන බවත් ය.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මල්වතු පාර්ශවය ද තම පාර්ශවය දරන මතය දැරුවත් ඒ පිළිබඳ නිහඩ පිලිවෙතක් අනුගමනය කරන බවද පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ය.

ඊයේ (19) මහනුවර දළගා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයක් නිසා මහනුවර නගරයේ කළබලකාරී තත්ත්වයක් ද ඇති විය. 

No comments:

Post a Comment

Post Bottom Ad