චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් ඇමති අකිල හිතවතුන්ගේ දරුවන් පාසල්වලට දාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් ඇමති අකිල හිතවතුන්ගේ දරුවන් පාසල්වලට දාලා

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා තම අමාත්‍යාංශය මගින් නිකුත් කළ අදාළ චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් ජාතික පාසල් වලට තම දේශපාලන හිතවතුන්ගේ දරුවන් ඇතුල් කිරීම සිදුකරගෙන යන බවට තොරතුරු ලැබී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඔහුගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යැවූ ලිපියක ප්‍රධාන කරුණු 4ක් යටතේ ඒ පිළිබඳ හෙළිදරව් කර තිබේ.
එම කරුණු පහතින් දැක්වේ.

01. පාසල් වලට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳව නිකුත් කර ඇති 2008/37 හා 2008/37 (I) චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින්ද, පංතිකාමරයක සිටිය යුතු ළමන් සංඛ්‍යාව ඉක්මවා යන ලෙසද, ජාතික පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හරහා ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට නියෝග නිකුත් කර තිබේ.

02. මේ අනුව කිසිදු වගවිභාගයක් නොමැතිව දිවයිනේ ප‍්‍රමුඛ ජාතික පාසල්වලට ළමුන් සැළකිය යුතු ප‍්‍රමාණයක් අමාත්‍යවරයාගේ මැදිහත්විමෙන් ඇතුළත් කර තිබේ. මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක‍්‍රලේඛ ඔවුන් විසින්ම උල්ලංඝණය කර තිබීම බරපතළ වරදකි.

03. අධ්‍යාපන අමාත්‍යාවරයාගේත්, අධ්‍යාපන අමාත්‍යාංශයෙත් මෙම අත්තනෝමතික කි‍්‍රයාවට එම පාසලවල විදුහල්පතිවරුන්ගේත්, ගුරුවරුන්ගේත්, එම පාසල්වලට විධිමත්ව දරුවන් ඇතුළත් කර ගැනීමට ඉල්ලූම්කර ඇති දරුවන්ගේ දෙමව්පියන්ගේත් බලවත් විරෝධය එල්ලවෙමින් පවතී. චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් අවිධිමත්ව හා නීතිවිරෝධීව ජාතික පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම තවමත් සිදුවෙමින් පවතින අතර මෙමගින් එම පාසල්වලට ඇතුළත්වීමට සුදුසුකම් ඇති දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුකර තිබේ.

04. අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකරන මෙම විශමාචාරය වැළැක්වීමටත් මේ දක්වා සිදුකර තිබෙන වරද නිවැරදි කිරීමටත් වහා මැදිහත් වන ලෙස අප සංගමය ඔබගෙන් දැඩි ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

No comments:

Post a Comment

Post Bottom Ad