යහපාලන ආණ්ඩුවේ අමත්‍යාංශයෙන් ද තමාට ඇත්තේ කුඩම්මාගේ සැළකිලි බවත් තමන්ගේ ආසනයට ලැබෙන සම්පතත් මංකොල්ල කන්න හදන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) අගුනුකොලපලැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිලිප් වේදආරච්චි මහතා,
"පසුගිය දවසක අගුණුකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ කරන රැස්වීම පැවැත්වුවා. මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තංගල්ල ආසනයේ සම සභාපති ලෙස මහින්ද අමරවීර ඇමතිතුමා සහභාගි වුණා. මම තංගල්ල ආසනයේ සම සභාපති ලෙස ඒ සමිතිට ගිහින් සමිතිය මෙහෙව්වා.
ඒ අවස්ථාවට මාධ්‍යවේදීන් ඇවිල්ලා හිටියා අමරවීර ඇමතිතුමා එදා ප්‍රකාශ කළා දිලිප් වෙදඅරච්චිගේත් මගෙත් අමනාපයක් නැතෙයි කියලා සෑම පත්තරයකම ඒක දාල තිබුණා. මම කවදාවත් එතුමත් එක්ක තරහා වෙලත් නෑ, හාදවෙලත් නෑ පක්ෂ දෙකක අපි දේශපාලනය කළේ. මනුස්සකම අපේ ගාව තිබුණා. නමුත් මම අමනාප වෙලා තියෙන්නේ මගේ අයිතිවාසිකම් මගේ ජනතාවට ලබා දෙන්නයි කියලා.
මගේ ලේකම්වරු සභාපතිවරු සමග සකච්ඡා කරලා මටත් වැඩ ලබාදීමේ සාකච්ඡා මාර්ගයකට අද පිවිසිලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අපේ ගම හදන්න රුපියල් ලක්ෂ 15 ක් අපට ලබා දෙනවා. තංගල්ලේ දී සහ අගුනුකොලපැලැස්සේ දී අමරවීර ඇමතිතුමා ප්‍රකාශ කාළා. මේ මුදල දෙකට බෙදෙන්න ඕනා කියලා මම එක වැරදියි කියලා කියනවා.
මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නායකයා හැටියට සෑම ආසනයකටම ග්‍රාම සේවා වසමකට ලබා දෙන මුදලක් මේ වැනි ප්‍රශ්නයක් ඇති වෙන්නේ එකම ආසනයේ ඇමතිවරු දෙන්නෙක් ඉන්න නිසා.
මම එතුමාට යෝජනා කරනවා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරයෙක් හැටියට මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ළඟින්ම ඉන්න හිතවතෙක් හැටියට මේ ලක්ෂ 15ට අමතර ව මගේ එක දෙකට බෙදන්නේ නැති ව ඔබතුමා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා ඔබතුමාත් ලක්ෂ 15 ජනාධිපතිතුමාගෙන් කැබිනට් අනුමැතියක් අරගෙන එනකොට මේ ආසනයට ලැබේ නම් මුදල දෙගුණ වෙනවා'' යනුවෙන් සඳහන් කළේ ය.
රාහුල් සමන්ත - හම්බන්තොට

No comments:
Post a Comment