ජර්මනියේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට රාජ්‍ය නායකයින් අතර ඊයේ (17) පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස යූරෝ මිලියන 14ක මූල්‍යාධාර මෙරට වෙත ලබා දීමට ජර්මනිය එකඟතාවය පළ කර තිබේ.
එම මුදලින් යුරෝ මිලියන 6ක මුදලක් විල්පත්තු අභයභූමියේ සංරක්ෂණ කටයුතු සඳහා වෙන් කෙරෙන බවයි වාර්තා වන්නේ. ඊට අමතරව උතුරු නැගෙනහිර ජනතාවගේ වෘත්තීය පුහුණු කටයුතු සඳහා යුරෝ මිලියන 4ක් ද, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයට යුරෝ මිලියන 2.4ක් ද, පළාත්පාලන ආයතනවල නියෝජිතයින්ගේත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේත් සංවර්ධනයට සහ අධ්‍යාපනික හුවමාරුවට යුරෝ මිලියන 0.6ක් ද වෙන් කෙරෙන බව සඳහන් වේ.
එසේම තවත් යුරෝ මිලියනයක මුදලක් විශේෂ ව්‍යාපෘතික මුදලක් ලෙස ඉදිරියේ දී ලැබීමට නියිමත බව ජර්මනියෙන් ලැබෙන වාර්තාවල සඳහන් වේ.

No comments:
Post a Comment