තමන් කලවැද්දා ලෙස ආමන්ත්‍රණය කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නොවන බව සමාජ සුබසාධන හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
තමන් විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව පැහැදිලි කළ ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (17) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
ශ්‍රීලනිපය වෙනුවෙන් කැපවන බව පවසන රාජපක්ෂවරු හැමවිටම පක්ෂය කඩාගෙන ගිය බවත් අද ශ්‍රිලනිප හැරගිය බවට අනෙක් අයට චෝදනා කර තමන් නිදොස් වීමට උත්සාහ කරන මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව ඔහුගේ පියා ද පක්ෂය හැරගොස් තිබෙන බව රටම දන්නා කරුණක් බවත් එස්. බී දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මේ වනවිට ශ්‍රීලනිපය සමඟ එක් පෙරමුණකට එකතු වීමට පක්ෂ 17ක් කැමැත්තෙන් සිටින බවද ඒ නිසාම පක්ෂය කැඩෙන්න නොදී රැක ගැනීම අවශ්‍යය බවද තමන් එජාපය සමඟ එකතු වී දැන් සිදුකරන්නේ ජාතික කාර්යභාරයක් බවද කියාසිටියේ ය.
මහනුවර - කමල් සුරවීර

No comments:
Post a Comment