මෛත්‍රී - මහින්ද සමගි කරන්න මහලේකම් ධුරය ඒකාබද්ධ විපක්‍ෂයට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

මෛත්‍රී - මහින්ද සමගි කරන්න මහලේකම් ධුරය ඒකාබද්ධ විපක්‍ෂයට!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමගි කරවීමට නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ධුරය ඒකාබද්ධ විපක්‍ෂයට ලබාදිය යුතු බවට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් වෙයි. 

ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරයකුට මහලේකම් තනතුර ලබාදීම සඳහා වන ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරි දින කිහිපය තුළදී යොමු කිරීමට ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක්‌ කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බෙදී වෙන්වී ගියහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණය පරාජය වීමට සෘජුවම එය හේතුවක්‌ විය හැකි නිසා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර මහලේකම් තනතුර ඒකාබද්ධ විපක්‍ෂයට ලබා ගැනීම එම මන්ත්‍රීවරුන්ගේ උත්සාහය වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad