දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගනී

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරාගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. 

මහාචාර්ය ආශූ මාරසිංහ මහතා විසින් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව පැවසී ය. මහින්ද රජපක්ෂ ක්‍රීඩාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින බවත් එය ක්‍රීඩා අමාත්‍යාංශයට අයිති නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ක්‍රීඩාංගනයේ නවීකරණයට රුපියල් මිලියන 65ක් ලබාදීමට කටයුතු කර තිබෙන බවත් ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගෙන ශක්තිමත් වැඩපිළිවෙළක්, අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුව හරහා සිදු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරය පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad