නවසීලන්ත අගමැති දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

නවසීලන්ත අගමැති දිවයිනට

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිළ සංචාරයක් සඳහා අද (24) අළුයම දිවයිනට පැමිණියහ. 

මෙරට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  විශේෂ අමුත්තන්ගේ  පර්යන්තයේදී ජෝන් කී  ඉතා උණුසුම් අන්දමින් පිළි ගත්තේය.

නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා ලබන 27 වනදා තෙක් මෙරට රැදි සිටී. 
සිය සංචාරය තුළදී නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. 

ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදි සංගමයේ විධායක කමිටුවට සහ විදේශ කටයුතු පිළිබද ස්ථාවර කමිටුවටද ජෝන් කී මහතා සහභාගි වීමට නියමිතය. මෙම සමුළුවේදී යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාව නැවත ගොඩනැංවීම, ශී‍්‍ර ලංකාව සංවර්ධනය කිරීමේ උපාය මාර්ග, කලාපය තුළ ප‍්‍රජාතන්ත‍්‍රික අභියෝගයන් පිළිබද හා කලාපීය ආරක්‍ෂක ගැටලූ පිළිබද දේශණ පැවැත්වීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad