ආරක‍ෂක ලේකම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංචාරයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

ආරක‍ෂක ලේකම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංචාරයක

ආරක‍ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙටිටිආරචිචි මහතා ඊයේ (23) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංචාරයක නිරත වී තිබේ.

ආරක‍ෂක ලේකම්වරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය වෙත පැමිණීමෙන් අනතුරු ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, මාණ්ඩලික ප්‍රධානි මේජර් ජේනරාල් ලසන්ත වික්‍රමසූරිය මහතා සහ අධ්‍යක්ෂක ජේනරාල්වරුන් විසින් සුහද  ව පිළිගෙන ඇත.

එහි දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංවිධාන ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ ආරක‍ෂක ලේකම්වරයා දැනුවත් කළ අතර අනතුරු ව එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් ඇමතීම ද ආරක‍ෂක ලේකම්වරයා විසින් සිදු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad