සේයා ඝාතන නඩු විභාගය අද සිට යළිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

සේයා ඝාතන නඩු විභාගය අද සිට යළිත්

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අද (24) යළි කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ සිද්ධියට අදාළ සාක්ෂි වාර්තාව නිවැරදි කිරීම හා පැමිණිල්ලේ සහ විත්තියේ දේශන ඉදිරිපත් කිරීමට නියමිත ය.

පසුගිය වසරේ සැප්තැම්බර් 12 දින ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ චෝදනාව මත පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර මේ වනවිට චෝදනා ලැබ සිටින්නේ සමන් ජයලත් නමැත්තෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad