නේපාලයේ කඳුකර ප්‍රදේශයක දී ගුවන් යානයක් අතුරුදන් වී තිබේ.
එම ගුවන් යානයේ මගීන් 21 දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු විදේශ ජාතිකයින් වන බව වාර්තා වේ.
එමෙන්ම ළමුන් දෙදෙනෙකු ද අතුරුදන් වී ඇති ගුවන් යානයේ සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බටහිර කත්මන්ඩුහි පොක්හාරා ගුවන් තොටේ සිට උතුරුදිග ජොම්සම් වෙත මෙම යානය පියාසර කර ඇති අතර ගුවන් ගත වී විනාඩි 20කට පමණ පසු හදිසියේම පාලක මැදිරිය සමග ඇති සබඳතාව බිඳවැටී තිබේ.
පොක්හාරා සහ ජොම්සම් අතර කිසිදු ගුවන් තොටුපොලක් නොමැති බව වාර්තා වේ. මේ වන විටත් යානය සෙවීමේ මෙහෙයුම් අරඹා ඇති බව නේපාලයෙන් ලැබෙන වාර්තාවල සඳහන් වේ.

No comments:
Post a Comment