එජාප ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන විසින් මුදල් නොගෙවා සිය දේශපාලන බලය යොදා දුම්රියක් ගෙන ගොස් ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.
මන්ත‍්‍රීවරයා විසින් පසුගිය පෙබරවාරි 01 වෙනි දින ජාඇල සිට මඩු දක්වාත් පසුදා ආපසු ජාඇල දක්වාත් තම දේශපාලන හිතවතුන් 1000ක් වෙනුවෙන් දුම්රියක් මුදල් නොගෙවා ගෙන ගිය බවට එම වෘත්තීය සමිතිය චෝදනා කරයි.
මෙම ගමන වෙනුවෙන් රුපියල් 1,111,110ක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වුවත් ඒ කිසිදු මුදලක් මේ දක්වා ගෙවා නැතැයිද ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කරන මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන කිසියම් අකටුය්ත්තක් සිදුව ඇත්නම් ඒ පිළිබද සොයා බලන ලෙස තමන්ද ඉල්ලා සිටින බව පවසයි. බැතිමතුන් පිරිසකට මඩු දේවස්ථායට යාම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා දෙන්නැයි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තමන් ඉල්ලීමක් කල බවත් එම ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉටු කල බවත් මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් කියයි.
Thursday, February 25, 2016
මෙන්න වැඞ්ඩෝ.. එජාප මන්ත‍්‍රී බලහත්කාරයෙන් මුදල් නොගෙවා කෝච්චියක් අරන් ගිහින්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment