පොතේ නැති නීතියක්.. මහින්ද පක්‍ෂයක් හදනතුරු පුංචි මැතිවරණය කැඳවන්නේ නැතිලූ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

පොතේ නැති නීතියක්.. මහින්ද පක්‍ෂයක් හදනතුරු පුංචි මැතිවරණය කැඳවන්නේ නැතිලූ..

ඒකාබද්ද විපක්‍ෂය විසින් පිහිටුවන බව කියන නව පක්‍ෂය එළි දක්වන තුරු පළාත් පාලන මැතිවරණය නොකැඳවිය යුතු බවට ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රී හිතවාදී පාර්ශ්වය විසින් ජනාධිපතිවරයාට යෝජනා කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ශ‍්‍රීලනිපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණු කිසිවෙකුට වෙනම පක්‍ෂ හෝ කණ්ඩායම් සෑදමට නොහැකි යයි පසුලගියදා එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් යෝජනාවක් සම්මත කර ඇති අතර එම තීරණාත්මක කොන්දේසිය කඩ කරන  ඕනෑම අයෙකුගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කරන තීරණය ගැනීමටද ශ‍්‍රීලනිපය සූදානම් බව වේදිකාවේ සඳහන් කරමිනි සිටිති.

මෙහිදී නීති විරෝධී කටයුත්ත වන්නේ පැවැත්වීමට නියමිත මැතිවණය දින නියමයක් නැතිව කල් දැමීම මිස නව පක්‍ෂයක් බිහි කිරීම ප‍්‍රමාද කිරීම නොවන බව ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් අප හා පැවසීය. කෙසේ වෙතත් නව පක්‍ෂයක් උවමනා වන්නේ මැතිවරණයකට තරඟ කිරීමට නිසා මැතිවරණයක් කැඳවන තුරු පක්‍ෂයක් බිහි කිරීම ප‍්‍රමාද වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad