ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කළ බව නොව ඔහු පැහැරගත් බවවත් තහවුරු කිරීමට තරම් සාක්‍ෂි නොමැතිව දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නීතියේ රාමුව තුළ ඔවුන්ට ඇප ලබා දීමට නොහැකි වීමෙන් තමන්ගේ දැත් බැඳ ඇති වගක් හැඟී යන බව හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානයක මහතා ඊයේ (19 වැනිදා) සඳහන් කර තිබේ.
මහෙස්‌ත්‍රාත්වරයා මේ බව පවසා ඇත්තේ ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ බත්තරමුල් ප්‍රදේශයට පැමිණි බව දුරකථන දත්ත ඔස්‌සේ තහවුරු වන්නේ යැයි පවසමින් රහස් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් නිලධාරියකු ඊයේ (19 වැනිදා) තමන් හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේදීය.
මෙසේ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත්තේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සැරයන් වරයකු ලෙස රාජකාරි කළ නිලධාරියෙකි. ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ එම හමුදා නිලධාරියා බත්තරමුල්ල ප්‍රදේශයට පැමිණ ඇති බව දුරකථන දත්ත වාර්තා ඔස්‌සේ තහවුරු වුවද ඔහු එය පිළිනොගන්නා නිසා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහෙස්‌ත්‍රාත්වරයාට පවසා ඇත.
එහිදී දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරම් චොද්නා එල්ල කර සැකකරු ඉදිරිපත් කිරීමට සාක්‍ෂි තිබේදැයි හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා රහස් පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ඊට සාක්‍ෂි නොමැති බවකි. ඉදිරි විමර්ශනවලදී සාක්‍ෂි සොයා ගැනීමට බලාපොරොත්තු වන බැවින් සැකකාර බුද්ධි නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මෙහිදී රහස් පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබේ.
එහිදී දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති නිසා සැකකාර බුද්ධි නිලධාරියා ලබන 23 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති මහෙස්‌ත්‍රාත්වරයා තමන්ට සැකකරුට ඇප ලබාදිය නොහැකි බවත් එහෙත් මෙය මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස පෙනී යන බවත් සඳහන් කර ඇත.
යම් ලෙසකින් දුරකථන දත්ත වාර්තා පිළිගනිමින් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස් කඳවුරට භාර දුන් බව රහස් පොලිසියට පැවසුවේ නම් සැකකරුට එරෙහිව 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා නගන්නේදැයි ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් මහෙස්‌ත්‍රාත් රංග දිසානයක මහතා මෙහිදී වැඩිදුරටත් විමසා ඇති අතර එයට පිළිතුරක් දිය නොහැකිව රහස් පොලිසිය නිරුත්තර වී තිබේ.
(උපුටා ගැනීම දිවයින)
Tuesday, February 23, 2016
මගේ අත් බැඳලා වගෙයි - හෝමාගම මහෙස්‌ත්‍රාත්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment